ඇස් වලට හා මොළයට වැළඳෙන මෙම දිලීර රෝගය නිසා 30%-70% ප්‍රමාණයක් මරණයට පත්වෙයි.

අම්පාර Covid 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු ( Black fungus) කළු දිලීර සෑදීමෙන් මියගිය බවට පැතිරෙන පුවත බොරුවක් බව වාර්තා වනවා.

අදාළ රෝගියා මියගොස් ඇත්තේ ඉහත කී දිලීරය මගින් නොව බහුලව හමුවන ඊස්ට් (Yeast) වර්ගයේ දිලීරයකින් බවයි අම්පාර මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මෙම Black fungus(කළු දිලීර) පිළිබඳව කරුණු කිහිපයක් පහතින්..

1. මෙය Mycormycosis ලෙස හැඳින්වෙන කලාතුරකින්(Uncommon)දැකිය හැකි දිලිර රෝගයකි. මෙම දිලීරය සෑම දෙනාගේම පාහේ නාස් පුඩු වල පැවතිය හැකි අතර අවස්ථානෝචිතව(Opportunistic) අපව රෝගී තත්ත්වයට පත් කරයි. මෙය පරිසරය තුළ ද බහුලව ඇත. (උදා- පස්, අතහැර දැමු ගොඩනැගිලිවල බිත්ති)

2. මෙම දිලීර මගින් ඇස්, මොලය,පෙනහලු, ආහාර මාර්ගය, සම ආදී ස්ථානවල රෝගය ඇති කරන අතර සමහර අවස්ථාවලදී මුළු ශරීරය තුළම පැතිරි යා හැක.

3. ඇතිවන රෝග ලක්ෂණ ආසාදනය වූ ඉන්ද්‍රිය මත තීරණය වන අතර බහුලවම හමුවන්නේ කෝටරක ප්‍රදාහය සම්බන්ධ රෝග ලක්ෂණ වේ. (උණ, හිසරදය, ඇස් යට රිදීම…) ඇස් වලට රෝගය ඇතිවීමේ දී ඇස් වටා ඇතිවන ඉදිවීම, Blurred vision හා Double vision ආදිය ඇතිවිය හැක.

4.වඩාත්ම දරුණු වන්නේ ඇස් හා මොළයට බලපාන Rhinocerebral තත්ත්වයයි.

5.මෙම රෝගය වැළඳීමට වැඩි අවදානමක් ඇති අය ලෙස පහත සඳහන් කාණ්ඩ සලකනු ලබයි. (ඒඩ්ස් රෝගීන්, පාලනයක් රහිත දියවැඩියාව ඇති අය, නිදන්ගත වකුගඩු අමාරු ඇති අය, අවයව බද්ධ කළ අය, පිළිකා සහිත අය, දීර්ඝකාලීනව ස්ටෙරොයිඩ් ඖෂධ ලබා ගන්නා අය, මන්දපෝෂණය ඇති අය හා වෙනත් හේතූන් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල අය)

6.රෝග විනිශ්චය කරනුයේ බයොප්සි(Biopsy) පරීක්ෂණයක් මගිනි.

7.මෙම රෝගය සඳහා ඖෂධ ඇති නමුත් රෝගය වැලදුනු පසුව එය දරුණු වී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩිය. සාමාන්‍යයෙන් ඇස් වලට හා මොළයට වැළඳෙන මෙම දිලීර රෝගය රෝගය නිසා 30%-70% ප්‍රමාණයක් මරණයට පත්වෙයි.

8.මෑතකදී ඉන්දියාවෙන් මෙම දිලීර රෝගය නිසා මරණයට පත්වූ රෝගීන් වැඩිපුර වාර්තා වීම නිසා එය සෑම දෙනාගේම අවධානයට ලක්විය. මෙය ඉන්දියාවේ පමණක් නොව Covid 19 ලෝක ව්‍යාප්තියත් ලෝකයේ ඕනෑම තැනක වාර්තා විය හැකි තත්ත්වයක් වන අතර එය මූලිකවම කරුණු තුනක් නිසා සිදුවිය හැක.

(1) ප්‍රතිශක්තිය අඩු අයට Covid 19 රෝගය වැළඳීම.

11) Covid 19 රෝගය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම.

111) Covid 19 රෝගයට ප්‍රතිකාර ලෙස Dexamethasone වැනි ස්ටීරොයිඩ්(Steroids) වර්ගයේ ඖෂධ අධි මාත්‍රා වලින් රෝගීන්ට ලබා දීම.

(මූලාශ්‍ර සහ තොරතුරු ලබා ගැනීම – අම්පාර මහ රෝහලේ හා මඩකලපුව ශීක්ෂණ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරු)

වෛද්‍ය වජිර රාජපක්ෂ

ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ

අම්පාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?