ඇස් වලට හා මොළයට වැළඳෙන මෙම දිලීර රෝගය නිසා 30%-70% ප්‍රමාණයක් මරණයට පත්වෙයි.

අම්පාර Covid 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු ( Black fungus) කළු දිලීර සෑදීමෙන් මියගිය බවට පැතිරෙන පුවත බොරුවක් බව වාර්තා වනවා.

අදාළ රෝගියා මියගොස් ඇත්තේ ඉහත කී දිලීරය මගින් නොව බහුලව හමුවන ඊස්ට් (Yeast) වර්ගයේ දිලීරයකින් බවයි අම්පාර මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මෙම Black fungus(කළු දිලීර) පිළිබඳව කරුණු කිහිපයක් පහතින්..

1. මෙය Mycormycosis ලෙස හැඳින්වෙන කලාතුරකින්(Uncommon)දැකිය හැකි දිලිර රෝගයකි. මෙම දිලීරය සෑම දෙනාගේම පාහේ නාස් පුඩු වල පැවතිය හැකි අතර අවස්ථානෝචිතව(Opportunistic) අපව රෝගී තත්ත්වයට පත් කරයි. මෙය පරිසරය තුළ ද බහුලව ඇත. (උදා- පස්, අතහැර දැමු ගොඩනැගිලිවල බිත්ති)

2. මෙම දිලීර මගින් ඇස්, මොලය,පෙනහලු, ආහාර මාර්ගය, සම ආදී ස්ථානවල රෝගය ඇති කරන අතර සමහර අවස්ථාවලදී මුළු ශරීරය තුළම පැතිරි යා හැක.

3. ඇතිවන රෝග ලක්ෂණ ආසාදනය වූ ඉන්ද්‍රිය මත තීරණය වන අතර බහුලවම හමුවන්නේ කෝටරක ප්‍රදාහය සම්බන්ධ රෝග ලක්ෂණ වේ. (උණ, හිසරදය, ඇස් යට රිදීම…) ඇස් වලට රෝගය ඇතිවීමේ දී ඇස් වටා ඇතිවන ඉදිවීම, Blurred vision හා Double vision ආදිය ඇතිවිය හැක.

4.වඩාත්ම දරුණු වන්නේ ඇස් හා මොළයට බලපාන Rhinocerebral තත්ත්වයයි.

5.මෙම රෝගය වැළඳීමට වැඩි අවදානමක් ඇති අය ලෙස පහත සඳහන් කාණ්ඩ සලකනු ලබයි. (ඒඩ්ස් රෝගීන්, පාලනයක් රහිත දියවැඩියාව ඇති අය, නිදන්ගත වකුගඩු අමාරු ඇති අය, අවයව බද්ධ කළ අය, පිළිකා සහිත අය, දීර්ඝකාලීනව ස්ටෙරොයිඩ් ඖෂධ ලබා ගන්නා අය, මන්දපෝෂණය ඇති අය හා වෙනත් හේතූන් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල අය)

6.රෝග විනිශ්චය කරනුයේ බයොප්සි(Biopsy) පරීක්ෂණයක් මගිනි.

7.මෙම රෝගය සඳහා ඖෂධ ඇති නමුත් රෝගය වැලදුනු පසුව එය දරුණු වී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩිය. සාමාන්‍යයෙන් ඇස් වලට හා මොළයට වැළඳෙන මෙම දිලීර රෝගය රෝගය නිසා 30%-70% ප්‍රමාණයක් මරණයට පත්වෙයි.

8.මෑතකදී ඉන්දියාවෙන් මෙම දිලීර රෝගය නිසා මරණයට පත්වූ රෝගීන් වැඩිපුර වාර්තා වීම නිසා එය සෑම දෙනාගේම අවධානයට ලක්විය. මෙය ඉන්දියාවේ පමණක් නොව Covid 19 ලෝක ව්‍යාප්තියත් ලෝකයේ ඕනෑම තැනක වාර්තා විය හැකි තත්ත්වයක් වන අතර එය මූලිකවම කරුණු තුනක් නිසා සිදුවිය හැක.

(1) ප්‍රතිශක්තිය අඩු අයට Covid 19 රෝගය වැළඳීම.

11) Covid 19 රෝගය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම.

111) Covid 19 රෝගයට ප්‍රතිකාර ලෙස Dexamethasone වැනි ස්ටීරොයිඩ්(Steroids) වර්ගයේ ඖෂධ අධි මාත්‍රා වලින් රෝගීන්ට ලබා දීම.

(මූලාශ්‍ර සහ තොරතුරු ලබා ගැනීම – අම්පාර මහ රෝහලේ හා මඩකලපුව ශීක්ෂණ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරු)

වෛද්‍ය වජිර රාජපක්ෂ

ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ

අම්පාර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16