ඇසට කඳුලක් උනන සංවේදී කතාවක්!

මව මියගිය පසු ඇය භූමදානය කිරීමට පෙට්ටියක් ගැනීම මුදල් සොයා ගිය දියණියක සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
දරුවන් තිදෙනකුගේ මවක වූ 76 හැවිරිදි කේ.රේජොනා නමැති මව ඉකුත් 12 වැනිදා මියගොස් ඇති අතර ඇය ලෑල්ලක්මත තබා රෙදි කැබැල්ලකින් වසා ඇය අසලින් කුප්පිලාම්පුවක්ද දල්වා දොරට දොරගුළු දමා මේ ආකාරයෙන් නිවෙසින් පිටව ගොස් ඇත.  වැඩිමහල් දරුවන් දෙදෙනා ඊට ආසන්න ගමක ජීවත්වන අතර අවිවාහක දියණිය කුලිවැඩ කරමින් මවට සාත්තු සප්පායම් කර ඇත.  දියණිය ජාඇළ ප්‍රදේශයට මුදල් සොය යද්දී මව මියගිය බව ආරංචි වූ එක් සහෝදරයෙක් ඒ සම්බන්ධයෙන් ග්‍රාමසේවකවරයා දැන් වූ බව පොලිසිය කියයි.  අනතුරුව කෑගල්ල නාගරික රෝහලේ නාගරික හදිසි පරික්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය අදාල නිවෙසට ගොන් දේහය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර පරික්ෂණය සඳහා දේහය කෑගල්ල රෝහලට රැගෙන ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?