ඇල්පිටියේ ඡන්ද විමසීම සාමකාමීයි – මැතිවරණ කොමිසමේ සභාපති

අද (26) උදෑසන ආරම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සාමකාමීව සිදුවෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

කොට්ඨාස 07ක් සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා ක්‍රියාත්මක මෙම මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම පස්වරු 4.00න් පසු ඡන්ද මධ්‍යස්ථානවල දී ආරම්භ කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අද මධ්‍යම රාත්‍රියට පෙර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද ඔහු පැවසුවා.

එමෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ඡන්ද දායකයින්ට සභාපතිවරයා දැනුම් දෙන්නේ අවසන් මොහොත තෙක් බලා නොසිට හැකිතාක් ඉක්මනින් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙසයි.

මේ අතර අද (26) මධ්‍යහන 12 වන විට 40%ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බවයි ගාල්ල තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ ධර්මසිරි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?