ඇල්පිටියේ ඡන්ද විමසීම සාමකාමීයි – මැතිවරණ කොමිසමේ සභාපති

අද (26) උදෑසන ආරම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සාමකාමීව සිදුවෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

කොට්ඨාස 07ක් සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා ක්‍රියාත්මක මෙම මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම පස්වරු 4.00න් පසු ඡන්ද මධ්‍යස්ථානවල දී ආරම්භ කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අද මධ්‍යම රාත්‍රියට පෙර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද ඔහු පැවසුවා.

එමෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ඡන්ද දායකයින්ට සභාපතිවරයා දැනුම් දෙන්නේ අවසන් මොහොත තෙක් බලා නොසිට හැකිතාක් ඉක්මනින් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙසයි.

මේ අතර අද (26) මධ්‍යහන 12 වන විට 40%ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බවයි ගාල්ල තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ ධර්මසිරි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04