“අමර හඬ ලතාවට මම ගෞරවයෙන් සමුදෙමි”

කලාශූරි ලතා වල්පොලගේ අභාවය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශෝකය පළකර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි හිටපු ජනාධිපතිවරයා සිය ශෝකය පළකර ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ,සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කලාශූරි ලතා වල්පොල සිදුකළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් සිය ගෞරවය ඇය වෙත පුදකරන බවයි.

ජ්‍යෙෂ්ඨයෝ නික්ම යති. කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී. මාගේ ජීවිතය ගෙවුණේ දේශපාලනය තුළ ය. ඒ නිසාම අප කියන කරන දේ බොහෝ දෙනෙකු දකින්නේ දේශපාලනික කෝණයෙනි. එහෙත් සියල්ල දේශපාලනයම නොවේ. අප තබන සටහන් සාම්ප්‍රදායික දේශපාලනික සටහන් පමණක් ම නොවේ. අපගේ මතකයන්, අත්දැකීම්, හැඟීම් සහ විශේෂයෙන්ම එම චරිත කෙරෙහි ඇති ගෞරවය එම සටහන් අතර සැඟව පවතී. අප කුඩා කළ සිටම දුටු, අප සමඟම උස් මහත් වූ එම දැවැන්ත චරිත කෙරෙහි අපට ඇත්තේ ලෙංගතු බැඳීමකි. මා හා සමකාලීන බොහෝ දෙනෙකුට මෙම හැඟීම දැනෙනා බව මාගේ විශ්වාසයයි. කලාශූරී ලතා වල්පොළ මහත්මියගේ ගායනයන් පරම්පරා ගණනක හැඟීම් සමඟ බැඳී පවතී. අප කුඩා කල දුටු කළු සුදු චිත්‍රපට ඇගේ හඬින් වර්ණවත් විය. කළු සුදු තිරයේ ද, වර්ණ තිරයේ ද වෙනසක් නොමැතිව අපි ඇගේ කටහඬ ඇසුවෙමු. දේශාභිමානී ගීත ඇය අභිමානයෙන් ගැයුවාය. කිතුනු ගායනා සහ බොදු බැති ගී ඇය සම භක්තියෙන් ගැයවාය. දරු නැළවිලි ගයද්දී මව්වත් ගුණය ඇගේ ගායනයෙන් ද දැනුනි. එකල තරුණ වයසේ සිටි මා ඇතුළු සමකාලීන පරම්පරාව ආදරය, විරහව, තාරුණ්‍යය වැනි විවිධ හැඟීම් ඇය විසින් ගයන ලද ගීත ඇසුරින් විඳි බව, ඇයට ගෞරවයක් ලෙස සටහන් කරමි. එමෙන්ම, අද මෙන් කෙටි පණිවිඩ නොතිබි එම කාල වකවානුව තුළ ඇය විසින් ගායනා කරන ලද ගී පද පේළි තරුණ පරම්පරාව විසින් ලිපි මාර්ගයෙන් තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ද යොදා ගත් බව මට හොඳින් මතකය. මාලනී ෆොන්සේකා මහත්මිය සහ රවීන්ද්‍ර රන්දෙණිය මහතා රංගනයේ යෙදෙන වසන්තයේ දවසක් චිත්‍රපටයට අයත් “දේදුන්නෙන් එන සමණලුනේ” ගීතය හා ජනක සහ මංජු චිත්‍රපටයේ ඇතුළත් “ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ” වැනි ගීත ඒ අතර ඉහළින්ම තිබුණි. එම පරම්පරාවන්ට අයත් සගයන්ට තුරුණු බවින් පිරි තම නිර්මාණශීලී කටයුතු තවමත් අමතක නැතැයි සිතමි. එම මතකයන් ඉතා රසවත් මෙන්ම පැහැදිලිය. එම ගීත චිත්‍රපට කෙරෙහි ජනතාව ආකර්ෂණය කරමින් වාණිජමය වශයෙන් සාර්ථක වීමට ද හේතු විය. එම අපූරු මතකයන් සිහිපත් කරමින් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඇය කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් මාගේ ගෞරවය පුද කරමි. යුගයක් නිර්මාණය කරමින් යුග ගණනාවකට මතකය ඉතිරි කළ හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලද කලාශූරී ලතා වල්පොළ මහත්මියට මොක් සුව ප්‍රාර්ථනා කරමි. වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කරමින් කලාශූරී, දේශමාන්‍ය වැනි රාජ්‍ය සම්මානයන්ගෙන් මෙන්ම දශක ගණනාවක් ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ අමර හඬ ලතාවට මම ගෞරවයෙන් සමු දෙමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21