පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෝම්බ බියක්

බෝම්බයක් ඇති බවට ලැබුණු ඊමේල් පණිවුඩයක් හේතුවෙන් නාවලපිටිය පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (29) දහවල් නොසන්සුතාවක් හටගෙන තිබෙනවා.

ඒ, අනුව ආරක්ෂක අංශ විසින් ප්‍රාදේශීය ලේකම් කාර්ලය ගොඩනැගිල්ල විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රාදේශීය ලේකම් කාර්ලයයේ විද්‍යුත් ලිපිනයට ලැබුණු ඊමේල් පණිවුඩයක සඳහන්ව ඇත්තේ, විදේශ රටකින් ලැබුණු කූඩාරමක් තුළ බෝම්බයක් ඇති බවත්, එය අද (29) පස්වරු 2:00ට පුපුරා යන බවයි.

ඒ, අනුව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර වහාම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිටි පිරිස ඉවත් කර ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම දැනුම්වත් කිරීම අනුව පැමිණි නාවලපිටිය පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ අංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රය විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් එහි සැක කටයුතු කිසිවක් තිබී හමුවී නොමැති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32