ගජමුතු දෙකක් සමඟ බේරුවල දී සැකකරුවෙක් අත්අඩංගුවට

බේරුවෙල පොලිසිය වෙත ලද තොරතුරක් මත බේරුවෙල, චීනකොටුව ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර ගජමුතු 02 ක් සමඟ සැකකරුවෙක් ඊයේ (29) සවස් කාලයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 33 ක් වූ උස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවෙල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.