සැමියා මරා සිරුර ලී ඉරන යන්ත්‍රයකින් කොටස් කරලා – බිරිඳ සහ පෙම්වතා අත්අඩංගුවට

තම සැමියාට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර ලී ඉරන යන්ත්‍රයකින් කොටස් කළ බවට චෝදනා එල්ල වී ඇති කාන්තාවක් සහ ඇගේ පෙම්වතා බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් වාර්තා වනවා.

ඉන්දියාවේ චන්දූසි දිස්ත්‍රික්කයේ මොහල්ලා චුන්නි ප්‍රදේශයේ දී පසුගියදා මෙම සිදුවීම සිදුව ඇති අතර, සැකකරුවන් පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහල්ලා චුන්නි ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් විසින් තම සැමියා වන 38 හැවිරිදි රාහුල් නැමැත්තා, නොවැම්බර් 18 වන දින අතුරුදහන්ව ඇති බවට පොලිසියේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

එම පැමිණිල්ලෙන් දින කිහිපයකට පසු එනම් පසුගිය දෙසැම්බර් 15 වන දින ඊද්ගා ප්‍රදේශය අසල කාණුවකින් විකෘති වූ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එම මළ සිරුරේ හිස, අත් සහ කකුල් නොතිබූ බවයි පොලිසිය පවසන්නේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර, එම සිරුරේ “රාහුල්” යන නම පච්චයක් ලෙස කොටා ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම අසල පොලිස් ස්ථානවල අතුරුදහන් වූවන්ගේ වාර්තා සමාලෝචනය කිරීමෙන් සහ තාක්ෂණික විශ්ලේෂණයෙන් හෙළි වූයේ නොවැම්බර් 18 වන දින සිට රාහුල්ගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවයි.

වැඩිදුර විමර්ශනයේදී පැමිණිල්ල සිදුකළ බිරිඳ කෙරෙහි පොලිසියට සැකයක් ඇතිව ඇති අතර, ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනවරණය වී ඇත්තේ තම පෙම්වතා වන ගෞරව්ගේ සහාය ඇතිව සැමියා ඝාතනය කළ බවයි.

ගෞරව් සමඟ පැවති අනියම් සම්බන්ධය සැමියාට හසුවූ පසු ඔහුව යකඩ පොල්ලකින් සහ යකඩ පළිහකින් පහර දී ඝාතනය කර ඇති බවයි ඇය වැඩිදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ.

අනතුරුව ලී ඉරන යන්ත්‍රයකින් සිරුර කොටස් කර, මළ සිරුරේ එක් කොටසක් කාණුවට දමා ඇති අතර,ඉතිරි කොටස් රාජ්ගාට් වෙත ගෙන ගොස් ගංගා ගඟට විසි කළ බව තවදුරටත් පවසා තිබෙනවා.

මළ සිරුර කැපීමට භාවිත කළ බව කියන ලී ඉරන යන්ත්‍රය, යකඩ මිටිය සහ පහරදීමට භාවිත කළ අනෙකුත් මෙවලම් පොලිසිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48