ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් නිෂ්ප්‍රභ කරයි

ගණේමුල්ල සංජීව ඝාතන කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නිෂ්ප්‍රභ කළා.

සිද්ධියට අදාළ0 සැකකරුවන් ලබන 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා ඒ බව දන්වා සිටියා.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධියට අදාළව වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළා.

නඩුව කැඳවූ අවස්ථාවේ දී සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් විවෘත අධිකරණයේ දී ඉදිරිපත් කළ අතර අනෙක් සැකකරුවන් බූස්ස බන්ධානාගරය මඟින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කර සිටියේ, සිද්ධියට අදාළ පහළොස්වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට යාපනයට ගොස් බෝට්ටුවෙන් පලායාමට උදව් උපකාර කළ බව කියන එම බෝට්ටුවේ ස්පීකිපර්වරයා වන සෙල්වනේෂන් පලිදු නැමැත්තෙකු 43 වන සැකකරු ලෙස නම් කරන බව අධිකරණයට දැනුම් දුන්නා.

තවද සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුකරන බැවින් තවදුරටත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, සැකකරුවන් නම් කිරීම පමණක් නොව ඔවුන් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කඩිනම් කිරීමට කටයුතු කරන ලෙසයි.

තවද මෙම සිද්ධියට අදාළ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට නීතිඥවරුන් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, තම අධිකරණයට ඇප ලබාදීමට බලයක් නැතැයි යන පදනම මත ඇප ලබාදීම නිශ්ප්‍රභ කරන බව දැනුම් දුන්නා.

තවද සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව නේපාල රටෙහි තිබූ නඩු භාණ්ඩ ඉදිරිපත් කර ඇති බවද විමර්ශන නිලධාරින් පෙර නඩු දිනයේදි දැනුම් දී තිබුණා.

තවද සිද්ධියට අදාළව ජාත්‍යන්තර සහාය ලබාගෙන ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූවා.

සිද්ධියට අදාළ 19 වන සැකකරු සම්බන්ධයෙන් රතු නිවේදන වාර්තා ද නිකුත් කර තිබෙන බව ද අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

නඩුව ජනවාරි 09 යළි කැඳවිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25