Empty Ad
AFC Banner
Empty Ad

ඇමරිකාවේ සහල් තොග කොළඹ වරායට

ශ්‍රී ලංකා රජයේ ජාතික පාසල් ආහාර වැඩසටහනට සහාය වීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් අරමුදල් සපයන ලද සහල් මෙට්‍රික් ටොන් 600ක තොගයක් පසුගිය දා ශ්‍රී ලංකාවට ළඟා වුණා.

මෙම ආධාර USAID සහ WFP විසින් සිදුකරන ලද දැවැන්ත ආහාර ආධාර වැඩසටහනක කොටසක් වන අතර ඊට සහල් මෙට්‍රික් ටොන් 3,950ක්, රතු පරිප්පු මෙට්‍රික් ටොන් 768ක්, සෝයා මෙට්‍රික් ටොන් 1,188ක් සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,310ක් ඇතුලත්.

පාසල් ළමුන් මිලියන 1.7 කට මෙන්ම ගර්භනී සහ කිරි දෙන මව්වරුන් 300,000 කට ආහාර සහ පෝෂණ අතිරේක ලබා දීමට මෙම ආධාර යොදා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් මෙම ආධාර සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

එක්සත් ජනපදය පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 270 කට වැඩි නව ආධාර ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙන බවයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව අරමුදල් සහ ආහාර නැව්ගත කිරීම් හරහා ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජය, WFP සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ කටයුතු කරන බවයි.

U.N.’s World Food Program (WFP) සහ Food and Agriculture Organisation හි භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුමේ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න පිරිසක් මේ වන විට ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටින බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය පවසන්නේ.

WFP ශ්‍රී ලංකා නියෝජිත අබ්දුර් රහීම් සිද්ධිකි පැවසුවේ, මෙම අහාර තොග ඉතා ඉක්මනින් අනාරක්ෂිත ප්‍රජාවන් වෙත ළඟා කර ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් USAID වෙත කෘතඥ වන බවයි.

USAID විසින් අරමුදල් සපයන ලද සහල් තොගය පාසල් ආහාර වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට සහය වන අතරම දරුවන්ට යකඩ සහ ෆෝලික් අම්ල මිශ්‍රණයක් මගින් පෝෂණ කොටස් ලබා දෙමින් තම පවුල්වලට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීමට අරගල කරන දෙමාපියන්ට සහනයක් ලබා දෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>