ඇමරිකාවේ සහල් තොග කොළඹ වරායට

ශ්‍රී ලංකා රජයේ ජාතික පාසල් ආහාර වැඩසටහනට සහාය වීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසින් අරමුදල් සපයන ලද සහල් මෙට්‍රික් ටොන් 600ක තොගයක් පසුගිය දා ශ්‍රී ලංකාවට ළඟා වුණා.

මෙම ආධාර USAID සහ WFP විසින් සිදුකරන ලද දැවැන්ත ආහාර ආධාර වැඩසටහනක කොටසක් වන අතර ඊට සහල් මෙට්‍රික් ටොන් 3,950ක්, රතු පරිප්පු මෙට්‍රික් ටොන් 768ක්, සෝයා මෙට්‍රික් ටොන් 1,188ක් සහ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,310ක් ඇතුලත්.

පාසල් ළමුන් මිලියන 1.7 කට මෙන්ම ගර්භනී සහ කිරි දෙන මව්වරුන් 300,000 කට ආහාර සහ පෝෂණ අතිරේක ලබා දීමට මෙම ආධාර යොදා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් මෙම ආධාර සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

එක්සත් ජනපදය පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 270 කට වැඩි නව ආධාර ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ආහාර අනාරක්ෂිතතාවයට මුහුණ දෙන බවයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව අරමුදල් සහ ආහාර නැව්ගත කිරීම් හරහා ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජය, WFP සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ කටයුතු කරන බවයි.

U.N.’s World Food Program (WFP) සහ Food and Agriculture Organisation හි භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුමේ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහකට ආසන්න පිරිසක් මේ වන විට ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටින බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය පවසන්නේ.

WFP ශ්‍රී ලංකා නියෝජිත අබ්දුර් රහීම් සිද්ධිකි පැවසුවේ, මෙම අහාර තොග ඉතා ඉක්මනින් අනාරක්ෂිත ප්‍රජාවන් වෙත ළඟා කර ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් USAID වෙත කෘතඥ වන බවයි.

USAID විසින් අරමුදල් සපයන ලද සහල් තොගය පාසල් ආහාර වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට සහය වන අතරම දරුවන්ට යකඩ සහ ෆෝලික් අම්ල මිශ්‍රණයක් මගින් පෝෂණ කොටස් ලබා දෙමින් තම පවුල්වලට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීමට අරගල කරන දෙමාපියන්ට සහනයක් ලබා දෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21