ඉරාන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2571ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියගිය පිරිස අතර ඉරාන ආරක්ෂක අංශ නිලධාරීන් 147 දෙනෙකු සහ දරුවන් 12දෙනෙකු සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර විරෝධතාකරුවන් 18,000කට වැඩි සංඛාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉහළ යන ජීවන වියදමට සහ වත්මන් පාලනයට එරෙහිව ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31ක, නගර 187ක් පුරා පැවැත්වෙනවා.
මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා නැවත නැවතත් අවධාරණය කළේ, එම විරෝධතාකරුවන් සහාය වීමට ඇමරිකාව සූදානම් බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සඳහන් කළේ ඉරානය සමඟ වෙළඳ ගනුදෙනු සිදුකරන ඕනෑම රටකට, 25%ක අමතර තීරු බද්දක් පැනවීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් එක්සත් ජනපද තර්ජන නොතකා ඉරානය සමඟ වෙළඳාම දිගටම කරගෙන යන බව රුසියාව පවසනවා.
එක්සත් ජනපදයේ ප්‍රහාර සහ තීරුබදු තර්ජන නොතකා මොස්කව් ඉරානය සමඟ දිගටම කටයුතු කරන බවයි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සඳහන් කළේ.



