AFC Banner
AFC Banner
Empty Ad

ඇමති ටිරාන්ගේ වර්ජින් දූපත්වල බිස්නස් ගැන පැන්ඩෝරා හෙළිදරව්වක් (ඡායාරූප)

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බ්‍රිතාන්‍යයේ වර්ජින් දුපත්වල පිහිටි අක්වෙරළ සමාගම් දෙකක හිමිකරු සහ අධ්‍යක්ෂවරයා ලෙස ලියාපදිංචි වී සිටින බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය
හෙළිදරව් කරනවා.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය නිකුත් කළ නවතම පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව මගින් මේ බව අනාවරණ කර තිබුණා.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සම්මේලනය රටවල් 100ක මාධ්‍යවේදීන් 280 දෙනෙකු සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ නවතම හෙළිදරව්වට අදාළ තොරතුරු රැස්කර ගෙන තිබෙනවා.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය අනාවරණය කරන්නේ, ටිරාන් ප්‍රසන්න
ක්‍රිස්ටෝපර් අලස් 2017 ජූලි මාසයේ සිට බ්‍රිතාන්‍ය වර්ජින් දුපත්වල බැන්හැම් වෙන්චර්ස් ලිමිටඩ් සහ
බ්‍රොම්ටන් ප්‍රොපටීස් යන සමාගම්වල හිමිකරු සහ අධ්‍යක්ෂවරයා වශයෙන් සිටිමින්, එම ආයෝජනවලින්
ප්‍රතිලාභ ලබන බවයි.

වර්ජින් දූපත් ප්‍රසිද්ධ ව ඇත්තේ බදු නොගෙවා මුදල් ආයෝජනය කිරීමට සහ සහ ඉපයූ ආකාරය හෙළි කළ
නොහැකි කළු සල්ලි ආයෝජනය කිරීමට ලෝකය පුරා ධනවතුන් තෝරා ගන්නා ආයෝජන කලාපයක් ලෙසින්.

එසේම ශ්‍රී ලංකාව ප්‍රාග්ධනය රටින් පිටතට ගෙනයෑම දැඩි ලෙස සීමා කර ඇති රටක් නිසා අක්වෙරළ
සමාගම්වල ආයෝජනය කිරීම ශ්‍රී ලාංකිකයින්ට තහනම් කර තිබෙනවා.

එවැනි පසුබිමක මෙරට මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා අක්වෙරළ සමාගම් දෙකක මුදල් ආයෝජනය කර
ඉන් ප්‍රතිලාභ ලැබීම මතභේදාත්මක කරුණක්.

මේ අතර මහජන ආරක්ෂක ඇමතිවරයා සතුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඇති නිවාස දෙකක ඡයාරූප
රොයිටර් මාධ්‍යවේදී රංග ශ්‍රී ලාල් විසින් X පණිවිඩයක් ඔස්සේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

මාධ්‍යවේදියා සඳහන් කරන්නේ, 31, Baronsmede, Ealing, London සහ 47, Gunnersbury Avenue, W5 4LP යන ලිපිනයන්හි ටිරාන් අලස් ඇමතිවරයාට අයත් මෙම නිවාස පිහිටා ඇති බවයි.

මීට පෙර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රවෘත්ති සාකච්ඡාවක දී , ජනතා විමුක්ති පෙරමුණ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සමග සම්බන්ධ වී, යුරෝපා දූපතක මුදල් ආයෝජනය කරන බවට චෝදනා කළා.

මේ අතර ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය විසින්ද මෙම චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්
කරන ලෙස පසුගිය දා අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

F MJT8YaAAAEH5A
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
4
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?