ඇමති ටිරාන්ගේ වර්ජින් දූපත්වල බිස්නස් ගැන පැන්ඩෝරා හෙළිදරව්වක් (ඡායාරූප)

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බ්‍රිතාන්‍යයේ වර්ජින් දුපත්වල පිහිටි අක්වෙරළ සමාගම් දෙකක හිමිකරු සහ අධ්‍යක්ෂවරයා ලෙස ලියාපදිංචි වී සිටින බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය
හෙළිදරව් කරනවා.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය නිකුත් කළ නවතම පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව මගින් මේ බව අනාවරණ කර තිබුණා.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සම්මේලනය රටවල් 100ක මාධ්‍යවේදීන් 280 දෙනෙකු සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ නවතම හෙළිදරව්වට අදාළ තොරතුරු රැස්කර ගෙන තිබෙනවා.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය අනාවරණය කරන්නේ, ටිරාන් ප්‍රසන්න
ක්‍රිස්ටෝපර් අලස් 2017 ජූලි මාසයේ සිට බ්‍රිතාන්‍ය වර්ජින් දුපත්වල බැන්හැම් වෙන්චර්ස් ලිමිටඩ් සහ
බ්‍රොම්ටන් ප්‍රොපටීස් යන සමාගම්වල හිමිකරු සහ අධ්‍යක්ෂවරයා වශයෙන් සිටිමින්, එම ආයෝජනවලින්
ප්‍රතිලාභ ලබන බවයි.

වර්ජින් දූපත් ප්‍රසිද්ධ ව ඇත්තේ බදු නොගෙවා මුදල් ආයෝජනය කිරීමට සහ සහ ඉපයූ ආකාරය හෙළි කළ
නොහැකි කළු සල්ලි ආයෝජනය කිරීමට ලෝකය පුරා ධනවතුන් තෝරා ගන්නා ආයෝජන කලාපයක් ලෙසින්.

එසේම ශ්‍රී ලංකාව ප්‍රාග්ධනය රටින් පිටතට ගෙනයෑම දැඩි ලෙස සීමා කර ඇති රටක් නිසා අක්වෙරළ
සමාගම්වල ආයෝජනය කිරීම ශ්‍රී ලාංකිකයින්ට තහනම් කර තිබෙනවා.

එවැනි පසුබිමක මෙරට මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා අක්වෙරළ සමාගම් දෙකක මුදල් ආයෝජනය කර
ඉන් ප්‍රතිලාභ ලැබීම මතභේදාත්මක කරුණක්.

මේ අතර මහජන ආරක්ෂක ඇමතිවරයා සතුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඇති නිවාස දෙකක ඡයාරූප
රොයිටර් මාධ්‍යවේදී රංග ශ්‍රී ලාල් විසින් X පණිවිඩයක් ඔස්සේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

මාධ්‍යවේදියා සඳහන් කරන්නේ, 31, Baronsmede, Ealing, London සහ 47, Gunnersbury Avenue, W5 4LP යන ලිපිනයන්හි ටිරාන් අලස් ඇමතිවරයාට අයත් මෙම නිවාස පිහිටා ඇති බවයි.

මීට පෙර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රවෘත්ති සාකච්ඡාවක දී , ජනතා විමුක්ති පෙරමුණ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සමග සම්බන්ධ වී, යුරෝපා දූපතක මුදල් ආයෝජනය කරන බවට චෝදනා කළා.

මේ අතර ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය විසින්ද මෙම චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්
කරන ලෙස පසුගිය දා අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

F MJT8YaAAAEH5A


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30