ඇමති කංචනගෙන් පොලිස්පතිට ලිපියක්

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කොළොන්නාව නිමාවට බලහත්කාරයෙන් කඩා වැදුණු පුද්ගලයන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලා අමාත්‍ය කංචන විජේසේකර පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ බලහත්කාරයෙන් කඩා වැදුණු පිරිස අතර වෘත්තිය සමිති නියෝජනය කරන වත්මන් සේවකයන්, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට නිවාඩු ලබා ඇති සේවකයන්, සේවා කාලය තුල බීමතින් එම පරිශ්‍රයට ඇතුලු වූ සේවකයන් මෙන්ම දැනට සේවයේ නොමැති විශ්‍රාමික සේවකයෙකු වූ අශෝක රන්වල නැමති පුද්ගලයා සහ ඔහු සමග බාහිර පුද්ගලයන් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම කඩාකප්පල්කාරී පිරිස්වල ක්‍රියා කලාපය හේතුවෙන් එදින ඉන්ධන බෙදා හැරීම අඩාල වීම ඇතුලු කරුණු හේතුවෙන් ආයතනයට සහ රටට විශාල පාඩුවක් සිදුවී ඇති බවයි අමාත්‍යවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ජනතාව අවශ්‍ය ඉන්ධන නොලැබීම සහ ඉන්ධන නොමැති වේ යැයි පහළ වූ සැකය මත ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් ඇතිවීම මෙන්ම ඉන්ධන පෝලිම් ඇති වීමට ද බලපෑ බව ලිපියේ සඳහන්.

මෙම පිරිස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලා ඇති අතර ආරක්ෂිත සේවා කලාපයට අවසර නොමැතිව ඇතුලු වූ පිරිස පිළිබඳම සුදුසු නීතිමය කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද කංචන විජේසේකර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඉදිරියේදී මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් යළි ඇති නොවීමට අවශ්‍ය ආරක්ෂාව එම කලාපයට සහ අනෙකුත් ඉන්ධන ගබඩා කරන සහ බෙදා හැරීමේ කලාපවලට ලබාදෙන ලෙසටයි ඔහු ලිපියෙන් දන්වා ඇත්තේ.

සේවයට අදාළ නොවන පිරිස් මෙම අධි ආරක්ෂිත සේවා කලාපවලට බලහත්කාරයෙන් ඇතුලුවීම වැළැක්වීමට අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙසට ද අමාත්‍ය කංචන විජේසේකර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

IGP Letter1 scaled
IGP Letter2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?