ඇමති කංචනගෙන් පොලිස්පතිට ලිපියක්

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කොළොන්නාව නිමාවට බලහත්කාරයෙන් කඩා වැදුණු පුද්ගලයන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලා අමාත්‍ය කංචන විජේසේකර පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ බලහත්කාරයෙන් කඩා වැදුණු පිරිස අතර වෘත්තිය සමිති නියෝජනය කරන වත්මන් සේවකයන්, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට නිවාඩු ලබා ඇති සේවකයන්, සේවා කාලය තුල බීමතින් එම පරිශ්‍රයට ඇතුලු වූ සේවකයන් මෙන්ම දැනට සේවයේ නොමැති විශ්‍රාමික සේවකයෙකු වූ අශෝක රන්වල නැමති පුද්ගලයා සහ ඔහු සමග බාහිර පුද්ගලයන් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම කඩාකප්පල්කාරී පිරිස්වල ක්‍රියා කලාපය හේතුවෙන් එදින ඉන්ධන බෙදා හැරීම අඩාල වීම ඇතුලු කරුණු හේතුවෙන් ආයතනයට සහ රටට විශාල පාඩුවක් සිදුවී ඇති බවයි අමාත්‍යවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ජනතාව අවශ්‍ය ඉන්ධන නොලැබීම සහ ඉන්ධන නොමැති වේ යැයි පහළ වූ සැකය මත ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් ඇතිවීම මෙන්ම ඉන්ධන පෝලිම් ඇති වීමට ද බලපෑ බව ලිපියේ සඳහන්.

මෙම පිරිස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලා ඇති අතර ආරක්ෂිත සේවා කලාපයට අවසර නොමැතිව ඇතුලු වූ පිරිස පිළිබඳම සුදුසු නීතිමය කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද කංචන විජේසේකර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඉදිරියේදී මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් යළි ඇති නොවීමට අවශ්‍ය ආරක්ෂාව එම කලාපයට සහ අනෙකුත් ඉන්ධන ගබඩා කරන සහ බෙදා හැරීමේ කලාපවලට ලබාදෙන ලෙසටයි ඔහු ලිපියෙන් දන්වා ඇත්තේ.

සේවයට අදාළ නොවන පිරිස් මෙම අධි ආරක්ෂිත සේවා කලාපවලට බලහත්කාරයෙන් ඇතුලුවීම වැළැක්වීමට අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙසට ද අමාත්‍ය කංචන විජේසේකර පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

IGP Letter1 scaled
IGP Letter2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21