ආහාර විෂ වී පාසල් සිසුන් 30කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරේ

පරිභෝජනයට ගනු ලැබූ කිසියම් ආහාරයක් විෂවීම හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසල් කීපයක පාසල් ළමුන් 30කට ආසන්න සංඛ්‍යාවක් අද (11) උදෑසන බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් බණ්ඩාරවෙල දූල්ගොල්ල අශෝක විද්‍යාලය , නායබැද්ද දෙමළ විද්‍යාලය, පූනාගල විද්‍යාලය සහ අඹේගොඩ සංඝබෝධි විද්‍යාලය යන විද්‍යාලවල පාසල් සිසු සිසුවියන් 28 දෙනෙකු මෙසේ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණා.

අතීසාරය , වමනය , ක්ලාන්ත ගතිය , බඩ රිදුම සහ කරකැවිල්ල ආදී රෝග ලක්ෂණ මෙම දරුවන් හට මතු ව තිබෙනවා.

මෙම දරුවන් ඊයේ (10) බණ්ඩාරවෙල පොලීසිය මගින් පොලිස් භූමියේ දී සංවිධානය කරනු ලැබූ ළමා දින උත්සවයකට සහභාගී වී ඇති අතර එහිදී ලබාදුන් දිවා ආහාරය හේතුවෙන් මෙසේ අසාත්මිකතාවකට ලක්වන්නට ඇතැයි සැක පළ කෙරෙනවා.

බණ්ඩාරවෙල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා බණ්ඩාරවෙල පොලීසිය විසින් මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10