spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආහාර විෂ වී පාසල් සිසුන් 30කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරේ

පරිභෝජනයට ගනු ලැබූ කිසියම් ආහාරයක් විෂවීම හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසල් කීපයක පාසල් ළමුන් 30කට ආසන්න සංඛ්‍යාවක් අද (11) උදෑසන බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් බණ්ඩාරවෙල දූල්ගොල්ල අශෝක විද්‍යාලය , නායබැද්ද දෙමළ විද්‍යාලය, පූනාගල විද්‍යාලය සහ අඹේගොඩ සංඝබෝධි විද්‍යාලය යන විද්‍යාලවල පාසල් සිසු සිසුවියන් 28 දෙනෙකු මෙසේ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණා.

අතීසාරය , වමනය , ක්ලාන්ත ගතිය , බඩ රිදුම සහ කරකැවිල්ල ආදී රෝග ලක්ෂණ මෙම දරුවන් හට මතු ව තිබෙනවා.

මෙම දරුවන් ඊයේ (10) බණ්ඩාරවෙල පොලීසිය මගින් පොලිස් භූමියේ දී සංවිධානය කරනු ලැබූ ළමා දින උත්සවයකට සහභාගී වී ඇති අතර එහිදී ලබාදුන් දිවා ආහාරය හේතුවෙන් මෙසේ අසාත්මිකතාවකට ලක්වන්නට ඇතැයි සැක පළ කෙරෙනවා.

බණ්ඩාරවෙල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා බණ්ඩාරවෙල පොලීසිය විසින් මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?