ආර්ථිකය හදන්න ජනප්‍රිය නොවන තීරණ ගන්න සූදානම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් හමුවී තිබෙනවා.

එම හමුවක් අද (07) පැවැත්වුණේ යාපනය, වාලම්පුරි හෝටලයේ දීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේ රටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.

ලංකාවේ ද්‍රවිඩ ශිෂ්ඨාචාරය උතුරු පළාත බවත් හින්දු ආගමේ මධ්‍යස්ථානය යාපනය බවත් පැවසූ ජනාධිපතිවරයා උතුරු පළාතේ වැදගත්කම එලෙසම පවත්වා ගනිමින් රටේ ජාතික ආර්ථිකයට උතුරේ ආර්ථිකය කඩිනමින් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කළා.

උතුරේ සීග්‍ර ආර්ථික සංවර්ධනය සමඟ නව රැකියා අවස්ථා මෙන්ම, නව ආයෝජන අවස්ථා රැසක්ද ඉදිරියේදී බිහිවනු ඇති බවත් උතුර සංවර්ධනය කර රටම දියුණු කිරීමට උතුරේ සියලු මහජන නියෝජිතයන්ගේ සහය අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසිනුයි මෙම හමුව සංවිධානය කර තිබුණේ. පාක්ෂිකයන් 600ක පමණ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ඔවුන් මුහුණදී සිටින ගැටලු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඍජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

උතුරු පළාතේ තරුණයකු වන කේ. රවි විසින් අඳින ලද ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් සිතුවමක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

මෙම හමුව සංවිධානය කිරීම පිළිබඳ විජයකලා මහේෂ්වරන් මහත්මියට ස්තුතිවන්ත වෙනවා. උතුරු පළාතේ ගැටලු අතරින් ඉඩම් ප්‍රශ්නය, අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නය ප්‍රමුඛතාවක් ගෙන තිබුණා. ආණ්ඩුවක් ලෙස එම ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට මේ වන විටත් සැලසුම් කර තිබෙනවා.

උතුරේ ඉඩම් ප්‍රශ්නය සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුවට 2025 අවසන් වීමට පෙර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවතැන් වූවන් සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරනවා. උතුරු පළාතේ සුළං සහ සූර්ය බලය යන බල ශක්ති සඳහා තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අපනයන බලශක්තියක් කරා බලශක්ති නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. හරිත හයිඩ්‍රජන් හරිත ඇමෝනියා නිෂ්පාදනය කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා.

උතුරු පළාතේ තිබෙන සරු ගොවිබිම්වලට නවීන තාක්ෂණය එකතුකර අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඉදිරි දශකය තුළ ලෝකයේ ජනගහනය දෙගුණයක් බවට පත්වීමත් සමඟ ඔවුන්ට ද අවශ්‍ය ආහාර නිපදවීම හරහා අපනයන කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමටත් අවධානය යොමු කර තිබෙනවා.

ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. යාපනයේ පවත්වන වේල් පෙරහැර ලෝකයේ හින්දු බැතිමතුන්ට නැරඹීමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසමින් තිබෙනවා. අගෝස්තු මාසයේ ඇසළ පෙරහැර, කතරගම පෙරහැර වගේම යාපනයේ වේල් පෙරහැරත් සංචාරක ආකර්ශනයට ලක් කිරීමට ඒ අනුව සැලසුම් සහගතව කටයුතු කරනවා.

උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය දියුණු කිරීමේ නව ආයෝජන අවස්ථා වෙනුවෙන් ඩයස්පෝරාවට අවස්ථාව ලබාදීමටත් කටයුතු කරනවා. මෙවැනි නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග උතුරු පළාතේ නව රැකියා අවස්ථා මෙන්ම ආයෝජන අවස්ථා ද ඇතිවෙනවා. මේ අනුව උතුරේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාවන අතර එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් කිරීමට හැකියාව ලැබෙනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී ගැනීමට සිදුවන තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට මම කටයුතු කරනවා. අපි සියලු දෙනා එකතුව උතුරු පළාත සංවර්ධනය කර රටම දියුණු කරමු.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු පළාතේ තල් කර්මාන්තකරුවන් අතර හමුවක් ද යාපනය, තන්දෙයි චෙලවා ශ්‍රවණාගාරයේ අද (07) පැවැත්වුණා.

උතුරේ තිබෙන සමාජ ප්‍රශ්න හා තල් කර්මාන්තයේ ප්‍රශ්න සොයා බැලීම සඳහා කමිටු දෙකක් පත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ කමිටු වාර්තාව ලැබීමෙන් පසුව උතුරේ තල් කර්මාන්තය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

උතුරේ සැමදෙනාටම සම අයිතිවාසිකම් තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් තමා පෙනී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

පොරොන්දු දේශපාලනයෙන් පළක් නොවන අතර ගැටළු නිසිලෙස හඳුනාගෙන ඊට විසදුම් ලබාදීමෙන් සියලුදෙනාට යහපතක් සැලසෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු පළාතේ නීතිඥ සංගමය හා ව්‍යාපාරිකයන් අතර හමුවක් ද උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ඊයේ (06) රාත්‍රියේ පැවැත්වුණා.

නීති ක්ෂේත්‍රයට අදාළව උතුරු පළාතේ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?