ආපදා හේතුවෙන් මරණ 3ක්

අධික වර්ෂාවත් සමඟ මේ වනවිට ඇතිව තිබෙන ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී තිබේ.

හොරණ මිල්ලනිය ඔකන්දූව පාලම අසල පිටාර ජලයේ බීමතින් දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.

එලෙස මියගියේ හතලිස් හැවිරිදි එක්දරු පියෙකු වන අතර ඔහුගේ දේහය පසුව සොයා ගැණුනි.

නාරම්මල පඬුවස්නුවර මාර්ගයේ කලුබුලුඔය පාලමේ පිටාර ජලයෙන් දිය නෑමට ගිය 20 හැවිරිදි තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

මාරවිල මුගුනුවටුන ප්‍රදේශයේදී කඩුපිටි ඔයේ පිටාර ජලයේ පිහිනීමට ගිය 21 හැවිරිදි තරුණයෙකු දියේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහුගේ දේහය පසුව සොයා ගැණුනි.

මෙලෙස මියගියේ එම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර ඹහු ජලයට බැස පිහිනා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර දෙමළ මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම විදුහලේ පංති කාමර කිහිපයකට හානි සිදුවිය.

මේ අතර ඇහැලියගොඩ – කිරිඇල්ල ප්‍රධාන මාර්ගයට ද ඉඳුරන්ගල ප්‍රදේශයේදී පස්කන්දක් නායයෑමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබුණි.

පවතින අධික වර්ෂාවෙන් පුත්තලම බරනන්කට්ටුව සහ දේවාල හන්දිය වැව් පිටාර ගැලීමෙන් මුන්දලම කීරියන්කල්ලිය ප්‍රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යටව තිබේ.

මේ අතර දින 27ක සිට හුදකලා කර ඇති බියගම, පේරගස් හන්දිය, බොරළුවල ප්‍රදේශයේ පස් කන්දක් අධික වර්ෂාවත් සමග කඩා වැටීමෙන් නිවාස 5කට හානි සිදුවිය.

ඒ හේතුවෙන් තවත් නිවාස 4ක්ද අවදානම් මට්ටමේ පවතී.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වයත් සමඟ මුහුද රළුවීමෙන් හලාවත තොඩුවාව සිට අඹකදවිල දක්වා මුහුදු තීරයේ කිලෝමීටර් 4ක පමණ කොටසක් ඛාදනයට ලක්ව තිබේ.

නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමඟ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම අගය මිලිමීටර් 346.7 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?