ආපදා හේතුවෙන් මරණ 3ක්

අධික වර්ෂාවත් සමඟ මේ වනවිට ඇතිව තිබෙන ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී තිබේ.

හොරණ මිල්ලනිය ඔකන්දූව පාලම අසල පිටාර ජලයේ බීමතින් දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.

එලෙස මියගියේ හතලිස් හැවිරිදි එක්දරු පියෙකු වන අතර ඔහුගේ දේහය පසුව සොයා ගැණුනි.

නාරම්මල පඬුවස්නුවර මාර්ගයේ කලුබුලුඔය පාලමේ පිටාර ජලයෙන් දිය නෑමට ගිය 20 හැවිරිදි තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

මාරවිල මුගුනුවටුන ප්‍රදේශයේදී කඩුපිටි ඔයේ පිටාර ජලයේ පිහිනීමට ගිය 21 හැවිරිදි තරුණයෙකු දියේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහුගේ දේහය පසුව සොයා ගැණුනි.

මෙලෙස මියගියේ එම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර ඹහු ජලයට බැස පිහිනා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර දෙමළ මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම විදුහලේ පංති කාමර කිහිපයකට හානි සිදුවිය.

මේ අතර ඇහැලියගොඩ – කිරිඇල්ල ප්‍රධාන මාර්ගයට ද ඉඳුරන්ගල ප්‍රදේශයේදී පස්කන්දක් නායයෑමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබුණි.

පවතින අධික වර්ෂාවෙන් පුත්තලම බරනන්කට්ටුව සහ දේවාල හන්දිය වැව් පිටාර ගැලීමෙන් මුන්දලම කීරියන්කල්ලිය ප්‍රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යටව තිබේ.

මේ අතර දින 27ක සිට හුදකලා කර ඇති බියගම, පේරගස් හන්දිය, බොරළුවල ප්‍රදේශයේ පස් කන්දක් අධික වර්ෂාවත් සමග කඩා වැටීමෙන් නිවාස 5කට හානි සිදුවිය.

ඒ හේතුවෙන් තවත් නිවාස 4ක්ද අවදානම් මට්ටමේ පවතී.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වයත් සමඟ මුහුද රළුවීමෙන් හලාවත තොඩුවාව සිට අඹකදවිල දක්වා මුහුදු තීරයේ කිලෝමීටර් 4ක පමණ කොටසක් ඛාදනයට ලක්ව තිබේ.

නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමඟ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම අගය මිලිමීටර් 346.7 කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58