ආන්දෝලනයට ලක් වූ 5 ශිෂ්‍යත්වයේ ඇගයීම් කටයුතු ජනවාරි 08 වැනිදා සිට

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු එළඹෙන ජනවාරි 08 වැනි දින ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (04) පස්වරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළා.

ජනවාරි 05 වැනි දින පිටු 68කින් යුතු අධිකරණ තීන්දුවක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ අසාධාරණයට ලක් වූ දරුවන්ට පමණක් නිදහස් ලකුණු පිටවූවා යැයි පැවසෙන ප්‍රශ්න තුනක් සඳහා පිරිනැමීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවයි.

ඒ සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාගයට ගනිමින් අධිකරණය මෙය තීන්දු කළා.

මීට පෙර විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක් ව ගෙන තිබූ තීන්දුව වූයේ පිට වූවා යැයි සඳහන් කෙරෙන ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු පිරිනැමීමටයි.

නමුත් දෙමාපියන් ඇතැමෙකු ඊට විරුද්ධත්වය පළ කරමින් නැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රය තබන ලෙසට වර්ජනය කළා.

එවන් පසුබිමකයි අධිකරණයෙන් අදාළ නියෝගය නිකුත් කළේ.

ඒ අනුවයි විභාග දෙපාර්තමේන්තුව විසින් සියලුම විභාගය ලියූ 5 පන්තියේ දරුවන්ට නිදහස් ලකුණු පිරිනැමීමට අවසර ලබා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47