ආනයනය අත්හිටුවා ඇති භාණ්ඩවල ආනයන තහනම ලිහිල් කිරීමේ සූදානමක්

මේ වනවිට තාවකාලිකව ආනයන අත්හිටුවා ඇති භාණ්ඩ සඳහා ප්‍රමුඛතාවය මත ආනයන තහනම ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට අද (29) එක් වූ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්නක්..

“ණය සංචිත ඉතාම පහළ මට්ටමක තියෙන්නේ, අවශ්‍ය වෙලාවට ගෑස්, තෙල් සහ ඖෂධවලට මුදල් තියෙන්න ඕනේ. ඒ නිසා අපිට අවශ්‍ය වුණා ප්‍රමුඛතා ලේඛනයක් හදන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය මඟින් තමයි මේක නිර්දේශ කළේ.ඒ අනුව ගැසට් එකක් ගැහුවා අවශ්‍ය නොවන දේවල් කියනවා ආනයනය කරන, අපි දැහැටි කූරු ගෙනාවා, සරුංගල් ගෙනාවා බෙහෙත් එහෙත් නැති රටේ අපි විදේශ මුදල්වලින් සරුංගල් ගෙනාවා.ඒ අනුව භාණ්ඩ 1465 ක් ආනයනය නවත්වන්න සිද්ධ වුණා. පසුව භාණ්ඩ 708ක තහනම යළි ඉවත් කළා. අපි අපනයන වැඩිකරලා ආනයන සීමා කළ යුතුයි. අන්ධ අයගේ බෙල් ටයිප් රයිටර් අපි නවත්තලා තිබුණා,පසුව ඒක ඉවත් කළා. ඩොලර් හිඟය සමඟ තමයි මෙම තහනම ඇති කළේ, නැවතවරක් සලකා බලලා අපි මේවා ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. කර්මාන්තය අංශයට අවශ්‍ය කරන ඒවා නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතාවක් නිසා රට පැත්තෙන් හිතලා කමිටුවක් මඟින් කරන ආකාරයට තමයි මේවා ලිහිල් කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10