spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආනයනය අත්හිටුවා ඇති භාණ්ඩවල ආනයන තහනම ලිහිල් කිරීමේ සූදානමක්

මේ වනවිට තාවකාලිකව ආනයන අත්හිටුවා ඇති භාණ්ඩ සඳහා ප්‍රමුඛතාවය මත ආනයන තහනම ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට අද (29) එක් වූ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙවැන්නක්..

“ණය සංචිත ඉතාම පහළ මට්ටමක තියෙන්නේ, අවශ්‍ය වෙලාවට ගෑස්, තෙල් සහ ඖෂධවලට මුදල් තියෙන්න ඕනේ. ඒ නිසා අපිට අවශ්‍ය වුණා ප්‍රමුඛතා ලේඛනයක් හදන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය මඟින් තමයි මේක නිර්දේශ කළේ.ඒ අනුව ගැසට් එකක් ගැහුවා අවශ්‍ය නොවන දේවල් කියනවා ආනයනය කරන, අපි දැහැටි කූරු ගෙනාවා, සරුංගල් ගෙනාවා බෙහෙත් එහෙත් නැති රටේ අපි විදේශ මුදල්වලින් සරුංගල් ගෙනාවා.ඒ අනුව භාණ්ඩ 1465 ක් ආනයනය නවත්වන්න සිද්ධ වුණා. පසුව භාණ්ඩ 708ක තහනම යළි ඉවත් කළා. අපි අපනයන වැඩිකරලා ආනයන සීමා කළ යුතුයි. අන්ධ අයගේ බෙල් ටයිප් රයිටර් අපි නවත්තලා තිබුණා,පසුව ඒක ඉවත් කළා. ඩොලර් හිඟය සමඟ තමයි මෙම තහනම ඇති කළේ, නැවතවරක් සලකා බලලා අපි මේවා ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. කර්මාන්තය අංශයට අවශ්‍ය කරන ඒවා නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතාවක් නිසා රට පැත්තෙන් හිතලා කමිටුවක් මඟින් කරන ආකාරයට තමයි මේවා ලිහිල් කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?