බදු වැඩි කළත් මාස තුනක් යනතෙක් කිරිපිටි මිලේ වැඩිවීමක් නැහැ (වීඩියෝ)

ආනයනික කිරිපිටි සඳහා පවතින බද්ද 10% කින් වැඩි කිරීමක් සිදුකළ ද, කිරිපිටි මිලේ වැඩි කිරීමක් සිදුනොකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ කිරිපිටි ආනයනය කිරීමේ දී අධික බදු මුදලක් රජයට ගෙවීමට සිදුව ඇති බවයි.

එම බදු මුදල් අඩු කරන්නේ නම් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 620.00ක් වැනි මුදලකට පාරිභෝගිකයාට ලබාදීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාස තුනකට අවශ්‍ය කිරිපිටි මේ වනවිට ආනයනය කර තිබීම හේතුවෙන් ආනයනික බද්ද 10% කින් වැඩි කළ ද මාස තුනක් යනතෙක් කිරිපිටි මිල ඉහළ දැමීමට අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පැවසුවේ.

ආනයනික කිරිපිටි සඳහා බදු වැඩි කළ ද, දේශීය කිරිපිටි පරිභෝජනයේ වැඩි වීමක්ද සිදුව නොමැති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ දේශීය කිරි කර්මාන්තය සඳහා රජය අනවශ්‍ය මුදල් වැය කරන අවස්ථාවක ආනයනික කිරිපිටි සඳහා කිසියම් සහනයක් ලබාදෙන්නේ නම් එම සහනය ජනතාවට ලබාදීමේ හැකියාවක් කිරිපිටි ආනයනකරුවන්ට හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21