අද (15) අලුයම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට මැදිහත් වූ බව පොලිසිය පවසනවා.
කලා අංශයේ සිසුන් සහ කළමනාකරණ අංශයේ සිසුන් පිරිසක් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයක ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ගැටුමක් නිර්මාණය වී තිබු බවයි පොලිසිය කියාසිටියේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එය සමථයකට පත් කර සිසුන් නේවාසිකාගාරවලට යොමුකර තිබෙනවා.
පසුව මෙම සිසුන් අලුයම 2ට පමණ නැවත නේවාසිකාගාර තුලින් පිටතට පැමිණ ශ්රාස්ත්ර පීඨය ඉදිරිපිටදී ගල්, වීදුරු බෝතල් සහ යකඩ පොලු හා මුගුරු රැගෙන නැවතත් ගැටුමක් ඇතිකර ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
එම ගැටුමෙන් පහරකෑමට ලක්වූ එක් සිසුවෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් සිසුන් කිහිප දෙනෙකු ප්‍රථිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මෙම ගැටුම හේතුවෙන් ශාස්ත්‍ර පීඨයේ ගේට්ටුව සහ ගොඩනැගිල්ලේ ජනෙල් වීදුරු කිහිපයකට අලාභ හානි සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.














