ආගමික සිද්ධස්ථාන බුද්ධිමය කේන්ද්‍රස්ථාන කරන්න සජිත් සුදානමින්

ආගමික සිද්ධස්ථාන බුද්ධිමය කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ‘සසුනට අරුණ’ වැවයි දාගැබයි-ගමයි පන්සලයි වැඩසටහනෙහි 13 වැනි අදියර යටතේ අවිස්සාවේල්ල වග පින්නවල සමයවර්ධනාරාම විහාරස්ථානයේ ඉදිවූ ‘අටවිසි මුණි සෑය’ විවෘත කිරීමේ අවස්ථාවට අද (14)දින පෙරවරුවේ එක් වෙමින්.

මේ වසර අවසන් වන විට රටේ සිදුවන හැරවුම් ලක්ෂයන් සමඟ ගමේ නගරයේ පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දැවැන්ත වැඩ කොටසක් ආගම දහමට හා ජන සමාජයට ඉටු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?