අසුපිණිඇල්ලේ ජල නළ ගිනි ගැනීමේ සිද්ධියට පාසල් සිසුන් 06ක් අල්ලයි

අරණායක – අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියට ගෙනවිත් තිබූ ජල නළ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය සඳහන් කරනවා.

ජල නළ තොගය ගිනි ගැනීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සිසුන් හයදෙනා අතර හෙට (29) දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදීමට සිටින සිසුන් පස්දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සිසුන් පාසල් නිමවීමෙන් අනතුරුව මෙම ජල ව්‍යාපෘතිය අසල ඉඩමකට ගොස් දුම්පානය කර ඇති අතර, එහිදි විසිකළ ගිනිකූරක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
8
+1
3
+1
3
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?