අස්වැසුම දෙවැනි අදියර ආරම්භයට පෙර පුළුල් සමාලෝචනයක්

අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, සඳහා පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු සේම, විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද සැලකිල්ලට ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජනවාරි මාසයේ දී දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමට අපේක්ෂා කරන අතර, මෙම සමාලෝචනයේ දී අනාවරණය වන තොරතුරු අනුව සිදුකෙරෙන සංශෝධන ද එහි දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ප්‍රතිලාභීන් 1,406,932ක් සඳහා අස්වැසුම ඔක්තෝබර් මස වාරික මුදල් මේ වන විට ගිණුම් ගතකර අවසන්ව ඇති අතර, සැප්තම්බර් මස වාරික මුදල් හිමි වූ 1,377,000ක් වූ ප්‍රතිලාභී පවුල්වලට වඩා එය 29,932ක වැඩිවීමක්.

අභියාචනා ක්‍රියාවලිය මඟින් හඳුනා ගැනෙන ප්‍රතිලාභීන් සේම ගිණුම් ආරම්භ කිරීම පිළිබඳ ගැටලුව හේතුවෙන් ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ පිරිස ද ඒ අතර වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සුබ සාධන ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20 දක්වා ඉහළ නංවමින් සුදුසුම කණ්ඩායම ඒ සඳහා තෝරා ගැනීම රජයේ අපේක්ෂාව වන අතර, 2024 සඳහා ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03