spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අස්වැසුම දෙවැනි අදියර ආරම්භයට පෙර පුළුල් සමාලෝචනයක්

අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, සඳහා පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු සේම, විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද සැලකිල්ලට ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජනවාරි මාසයේ දී දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමට අපේක්ෂා කරන අතර, මෙම සමාලෝචනයේ දී අනාවරණය වන තොරතුරු අනුව සිදුකෙරෙන සංශෝධන ද එහි දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ප්‍රතිලාභීන් 1,406,932ක් සඳහා අස්වැසුම ඔක්තෝබර් මස වාරික මුදල් මේ වන විට ගිණුම් ගතකර අවසන්ව ඇති අතර, සැප්තම්බර් මස වාරික මුදල් හිමි වූ 1,377,000ක් වූ ප්‍රතිලාභී පවුල්වලට වඩා එය 29,932ක වැඩිවීමක්.

අභියාචනා ක්‍රියාවලිය මඟින් හඳුනා ගැනෙන ප්‍රතිලාභීන් සේම ගිණුම් ආරම්භ කිරීම පිළිබඳ ගැටලුව හේතුවෙන් ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ පිරිස ද ඒ අතර වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සුබ සාධන ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 20 දක්වා ඉහළ නංවමින් සුදුසුම කණ්ඩායම ඒ සඳහා තෝරා ගැනීම රජයේ අපේක්ෂාව වන අතර, 2024 සඳහා ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?