AFC Banner
Empty Ad
Empty Ad

අවුරුදු 18 ට අඩු පරිශීලකයින්ට TikTok පැයකට සීමා කෙරේ

අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

TikTok සමගම පවසන්නේ වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් දෛනිකව විශාල කාලයක් TikTok වෙත ඇබ්බැහි වීම සීමා කිරීම අරමුණු කර ගනිමින් ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන පරදී එම සේවාව මිනිත්තු 60 කට සිමා කරන බවයි.

”මෙම සීමාව තෝරාගැනීමේදී අපි වත්මන් අධ්‍යයන පර්යේෂණ සහ බොස්ටන් ළමා රෝහලේ ඩිජිටල් සුවතා විද්‍යාගාරයේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලබා ගත්තෙමු.” යනුවෙන් TikTok සමගම මේ සම්බන්දයෙන් වන ස්ථාවරය පැහැදිළි කරනවා.

මෙම කාලය ඉක්මවා යන අවස්ථාවකදී මිනිත්තු 30ක අමතර නැරඹුම් කාලයක් බල ගැන්වීමට දෙමාපියන්ට හෝ භාරකරුවෙකුට මුර කේතයක් හඳුන්වාදීමටත් එම සමාගම බලාපොරොත්තු වනවා.

අමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානියේ වයස අවුරුදු 14 ත් 24 දක්වා වූ ළමුන් අතර TikTok දැඩි ලෙස ඇබ්බැහිවීමක් පවතින බව පර්යේෂකයින් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?