අවුරුදු දා අහුංගල්ලේ සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ

පසුගිය 14 වනදා අහුංගල්ල, මිද්දරමුල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කරන්දෙණිය, ඇරවාවිල – පනාපිටිය මාර්ගයේ දීනවල ප්‍රදේශයේ කුරුඳු ඉඩමක දමාගොස් තිබිය දී එම යතුරුපැදිය අද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සොයාගත් යතුරුපැදියේ සවිකර තිබූ අංක තහඩුව අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකුට අයත් යතුරුපැදියක අංකයට සමානව ව්‍යාජ ලෙස සැකසූ එකක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වනදා පස්වරුවේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතබා පලාගොස් තිබුණේ අහුංගල්ල, මිද්දරමුල්ල ප්‍රදේශයේ දීයි.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වූ අතර, එහි ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වුණේ 29 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?