අවිධිමත් ව ඇළකට හැලූ සායනික අපද්‍රව්‍ය තොගය

මහවැව නගරයට ආසන්නයෙන් ගලා බසින ඇළ මාර්ගය අසල සායනික අපද්‍රව්‍ය තොගයක් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තොඩුවාව පොලීසිය පැවසුවේ; දුර ගමන් යන ජනතාවට විවේක ගැනීම සඳහා මහවැව නගරයට ආසන්නයෙන් ස්ථානයක් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව විසින් ස්ථාපනය කර ඇති අතර එම ස්ථානයට යාබද ව ඇති ඇළ මාර්ගයකට මෙම සායනික අපද්‍රව්‍ය බැහැර කර ඇති බවයි.

විශාල පෙට්ටි 04කට බහා මෙම සායනික අපද්‍රව්‍ය බැහැර කර තිබෙනවා.

භාවිතා කරන ලද එන්නත් කටු, සිලින්ජර් සහ හිස් ඖෂධ කුප්පි විශාල ප්‍රමාණයක් එම ස්ථානය තුළ ඇති ආකාරය දක්නට ලැබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කවුරුන් විසින් මෙම සායනික අපද්‍රව්‍ය ගෙනවිත් බැහැර කෙරුවා ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

හදිසි ජල ගැලීමක් ඇති වී මෙම එන්නත් කටු සහ අනෙකුත් දෑ ආසන්නයේ ඇති කුඹුරට එකතු වුණහොත්; විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බව‍යි ප්‍රදේශවාසීන් පැවසුවේ.

මෙම සායනික අපද්‍රව්‍ය තොගය නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සහායෙන් ඉවත් කර විනාශ කර දැමීමට කටයුතු කරන බව තොඩුවාව පොලීසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21