අවශ්‍ය අයට සමෘද්ධි ප්‍රතිලාභ දීමට නොහැකි වීම ගැන හෙළිදරව්වක්

නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සුභසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිදබවකින් යුතු නාමලේඛනයක් තවමත් සකස් කිරීමට නොහැකිව ඇතැයි රජයේ මුදල් පිළිබඳද කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හදුනා ගනිමින් ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බවයි පසුගියදා පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී හෙළිවී ඇත්තේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2302/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ අනුව එ සඳහා වගකීම පැවරෙන්නේ සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවටයි මෙහිදී හෙළිවූයේ.

ඒ අනුව එම දත්ත රැස් කිරීමේ කටයුතුවලට අවශ්‍ය විධිවිධාන සදහා මෙම ගැසට් පත්‍රයේ නියෝග පළකර තිබෙනවා.

ඒ අනුව මෙහිදී අදහස් දැක්වූ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා පෙන්වා දුන්නේ ලියාපදිංචි අයදුම්කරුවන්ගේ නිවෙස්වෙත ගොස් පනතේ විධිවිධාන අනුව අයදුම්කරුවන් විසින් කරනු ලබන ප්‍රකාශයට අදාළ දත්ත සහ තොරතුරු ලබා ගැනීමේදී පනතේ 21 සහ 22 වගන්ති අනුව සිය රැකියා අහිමිවීමට පවා ඉඩ ඇති බව පෙන්වා දෙමින් එකී වගන්ති සංශෝධනය කරන තුරු මෙම ක්‍රියාවලියට අදාළ සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වන බව සමෘද්ධි, ග්‍රාමනිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිති දන්වා ඇති බවයි.

මෙම 21 සහ 22 වගන්තිය මගින් සාවද්‍ය දත්ත ඇතුළත් කරන නිලධාරීන්ද දඩුවමකට යටත්වන බැවින් මෙසේ එම වගන්ති සංශෝධනය වනතුරු මෙම දත්ත එකතු කිරීම ප්‍රතික්ෂේප කොට ඇති බවද ඒ ඔහු පෙන්වා දෙනු ලැබුවා.

රජයේ සුබ සාධක ලැබීම් සදහා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් / පවුල් හඳුනා ගැනීම සදහා මූලික අයදුම්පත් භාර ගැනීම පසුගියදා අවසන් වී තිබු අතර සුබසාධක ප්‍රතිලාභ ඉල්ලුම් කර ඇති අයදුම් කරුවන්ගේ නිවෙස් වෙත ගොස් ද්වීතීයික තොරතුරු එක්රැස් කිරීම සදහා ජංගම යෙදවුම් මෘදුකාංගයක්ද හදුන්වා දුන් බවද සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.

මෙහිදී කමිටුවේදී සාකච්ඡාවූයේ සමෘද්ධිලාභීන්ගෙන් 40% ආසන්න ප්‍රමාණයක් නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී ද හෙළිවී ඇති බවයි.

ඒ අනුව නුසුදුසු පුද්ගලයන්ට දීමනාව ලබා දී ඉන් යම් ප්‍රතිශතයක් ලබා ගන්නා ඇතැම් දූෂිත නිලධාරීන් ද සිටින බව මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

මනා විනිවිදබවකින් යුතුව මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු සිදු කිරීම සදහා මෙම නිවැරදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවයි කාරක සභාවේදී අවධාරණය කෙරුණේ.

එසේම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී ජාතික හැදුනුම්පත අනිවාර්ය කළයුතු බවටද කාරක සභාව විසින් නිර්දේශයක්ද ලබා දෙනු ලැබුවා.

තාක්ෂණය මෙතරම් දියුණු මට්ටමක ඇති පසුබිමක ජාතික හැදුනුම්පතක් සෑම පුරවැසියෙකුටම ලබාදීමට හැකියාවක් නොමැති බව පිළිගත හැකි කරුණක් නොවන බව ද වංචනික ක්‍රියාවන් නැවැතීමට එය වැදගත් තීරණයක් වනු ඇති බවද කාරක සභාව විසින් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම පමාවීමටත් මෙම ලේඛනය සකස් කිරීම පමාවීම හේතුවිය හැකි බැවින්ද දූෂණය හා වංචාවෙන් තොර සංස්කෘතියක් ඇති කිරීම සදහා ද කඩිනමින් මෙම ගැටලුව විසදා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කරනු ලැබුවා.

ඒ අනුව මෙම ගැසට් පත්‍රය සදහා අනුමතිය ලබා දුන් කාරක සභාව මුදල් අමාත්‍යාංශ ඉහළ නිලධාරීන්ට සහ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ මේ සම්බන්ධව කඩිනමින් සාකච්ඡා කොට විසඳුමකට පැමිණෙන ලෙසයි.

එසේම විකල්ප ක්‍රියාමාර්ගයක් හෝ අනුගමනය කරමින් මෙම දත්ත රැස්කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට අදාළ තීරණ ගන්නා ලෙස ද කාරක සභාව මෙහිදී නිර්දේශ කර තිබෙනවා.

එසේම එම ප්‍රගතිය සති දෙකක් තුළ කාරක සභාවට වාර්තා කරන ලෙසට ද රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?