Indian Premier League

අලුත් අවුරුද්ද උදාවෙද්දී වැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක්

වැල්ලවාය පොලිස් වසමේ රණවරාව හන්දියේ බස් නැවතුම්පොළ අසල පුද්ගලයෙකු වැටී මියගොස් සිටින බවට වැල්ලවාය පොලිස් ස්ථානයට අද (14) අලුයම ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක වූ වැල්ලවාය, රන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ මෙය ඝාතනයක් බවයි.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ පැවති පැරණි ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘතශරීරය සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලිසිය විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?