අලුත් අනාවරණයක්

මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 31 වනදා දක්වා ළමා අපචාර සහ ළමා හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 10,713ක් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වන ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම පැමිණිලි සංඛ්‍යාවෙන් වයස අවුරුදු 5 අඩු ළමුන්ට සිදුවු හිංසන සම්බන්ධ පැමිණිලි 1632 ක් ලැබී තීබිම කණගාටුවට කරුණක් බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා

“වයස් සීමාවන් ඇතුව වෙන්කරලා මේ දවස් 333 මාස 11 ඇතුළේ ලැබුණ පැමිණිලි සංඛ්‍යාව 10,713යි. මේක ඇතුළේ තියෙනවා බරපතළ කාරණා තුනක්. එක මෙයින් 1,632ක් වයස් කාණ්ඩය මොකද්ද ?  අවුරුදු 5ට අඩු. අවුරුදු 6 – 10යි අතර 2,626යි. අවුරුදු 5ට අඩු කියන්නේ අපි ‘කිරිසප්පයෝ’ කියලා අපේ ගම්වල කියන්නේ. මේ දෙකේ එකතුව 4,258ක්. ඒ කියන්නේ හරියටම 40%ක් වයස අවුරුදු 10ට අඩු පුංචි දරුවෝ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?