UPDATE: අල්ලස් කොමිසම චාමරට එරෙහිව ඉල්ලූ ඉල්ලීම අධිකරණය ඉවතට දමයි (වීඩියෝ)

ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක පාඩු වීමේ සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බැවින් මෙම සිද්ධියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඇප අවලංගු කර ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) ප්‍රතික්ෂේප කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම මාධ්‍ය හමුව චාමර සම්පත් දසනායකගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීමකට අනුව සිදුකර ඇති බව ඔහු ඉකුත් අප්‍රේල් මස 28 වැනිදා අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටි බැවින් සැකකාර චාමර සම්පත් දසනායකගේ ඇප අවලංගු කර ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් එසේ ප්‍රතික්ෂේප කෙරුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

සැකකාර චාමර සම්පත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වයේ මැදිහත්වීමක් නොමැති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කර අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

දෙපාර්ශ්වයේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර චාමර සම්පත් දසනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර නොමැති බව ද පෙන්වා දෙමින් එම කොමිසමේ ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
5
+1
22
+1
0
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?