AFC Banner
AFC Banner
Empty Ad

අයි.සී.සීය නීති තද කරයි – 20-20 පිටියේ හෙට සිට ඔරලෝසුවකුත් ප්‍රදර්ශනය කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විස්සයි විස්ස තරග තුළ පන්දුවාර අතර කාල ගණනය කිරීමේ නව නීතිය අත්හදා බැලීම ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව හෙට (13) ආරම්භවීමට නියමිත එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පළමු විස්සයි විස්ස තරගයේ දී මෙම අත්හදා බැලීම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් ක්‍රීඩා පිටියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

මෙමඟින් පන්දුවාරයක් අවසන් වී මීළඟ පන්දුවාරය ආරම්භ කිරීම සඳහා හිමිවන තත්ත්පර 60ක කාලය ගණනය කිරීම සිදුකරනු ලබනවා.

ඒ, අනුව පන්දු රැකීමේ නිරතව සිටින කණ්ඩායම විසින් තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට සූදානම් විය යුතුයි.

එලෙස තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් පන්දු යවන කණ්ඩායමට අනතුරු ඇඟවීම් දෙකක් සහ අවසානයේ ලකුණු 05ක දඬුවම් ලකුණක් ද හිමි වනවා.

පන්දු රකින පාර්ශ්වයෙන් කාලය නාස්ති කරන අවස්ථා සඳහා දඩුවම් ලබාදීම සහ ක්‍රීඩාව වේගවත් කිරීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දුන් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

මෙම නීතිය 2023 දෙසැම්බර් මස සිට 2024 වසරේ අප්‍රේල් දක්වා අත්හදා බැලීමට නියමිතව අතර, අවම වශයෙන් තරග 59කදී මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට අයි.සී.සීය බලාපොරොත්තුවෙන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
22
+1
6
+1
0
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?