අයි.සී.සීය නීති තද කරයි – 20-20 පිටියේ හෙට සිට ඔරලෝසුවකුත් ප්‍රදර්ශනය කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විස්සයි විස්ස තරග තුළ පන්දුවාර අතර කාල ගණනය කිරීමේ නව නීතිය අත්හදා බැලීම ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව හෙට (13) ආරම්භවීමට නියමිත එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පළමු විස්සයි විස්ස තරගයේ දී මෙම අත්හදා බැලීම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් ක්‍රීඩා පිටියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

මෙමඟින් පන්දුවාරයක් අවසන් වී මීළඟ පන්දුවාරය ආරම්භ කිරීම සඳහා හිමිවන තත්ත්පර 60ක කාලය ගණනය කිරීම සිදුකරනු ලබනවා.

ඒ, අනුව පන්දු රැකීමේ නිරතව සිටින කණ්ඩායම විසින් තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට සූදානම් විය යුතුයි.

එලෙස තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් පන්දු යවන කණ්ඩායමට අනතුරු ඇඟවීම් දෙකක් සහ අවසානයේ ලකුණු 05ක දඬුවම් ලකුණක් ද හිමි වනවා.

පන්දු රකින පාර්ශ්වයෙන් කාලය නාස්ති කරන අවස්ථා සඳහා දඩුවම් ලබාදීම සහ ක්‍රීඩාව වේගවත් කිරීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දුන් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

මෙම නීතිය 2023 දෙසැම්බර් මස සිට 2024 වසරේ අප්‍රේල් දක්වා අත්හදා බැලීමට නියමිතව අතර, අවම වශයෙන් තරග 59කදී මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට අයි.සී.සීය බලාපොරොත්තුවෙන් පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00