අයිස් සමඟ මාට්ටූ වූ දෙමටගොඩ පොලිස් කොස්තාපල් අද අධිකරණයට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ දෙමටගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (16) නාවල සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලබනා අවස්ථාවේ දී එම පොලිස් කොස්තාපල්වරයා සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පොලිස් නිලධාරීයා පොලිස් නිල ඇඳුමෙන් සිටියදී අත්අඩංගුවට ගත්තද ඔහු ඒ වන විට රාජකාරියෙන් බැහැරව සිට තිබෙනවා.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී වටිනාකමින් රුපියල් ලක්ෂ 25ක් පමණ වන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සොයා ගෙන ඇති බව නාවල සුරාබදු ඒකකය සඳහන් කළා.

එම සැකකරුවන් අද (17) මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?