spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයිස් සමඟ අයෙක් අත්අඩංගුවට

ඊයේ (23) දින ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් මත සපුගස්කන්ද පොලිස් වසමේ මාකොළ ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබෙනවා.

එම වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 501 ක්, හෙරොයින් ග්‍රෑම් 56 ක්, ඩිජිටල් තරාදියක්, ජංගම දුරකථන 02 ක් හා එම ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකෙරෙන මුදල් රුපියල් 95 000 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක අයෙක්.

සපුගස්කන්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?