AFC Banner
AFC Banner
Empty Ad

අයිස් සමග අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඇතුළු සැකකරුවන් 7දෙනා දින 5ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයයි අද කල්පිටිය පොලිසියට මෙම අවසරය ලබාදුන්නේ.

මෙලෙස රඳවාගෙන ප්‍රශ්ණ කිරීම සඳහා නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ 300 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග අත් අඩංගුවට ගත් ඉන්දියානු සැකකරු සමග ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් ඇතුළු 7 දෙනෙක්.

කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත කල්පිටිය නගරයේ සිට අක්කරේපත්තුව වෙත ගමන් කිරීමට සුදානම්ව තිබූ ලංගම බස් රථයක සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සොයා ගෙන තිබුණා.

ඔහුගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී වෑන් රථයකින් කුරුණෑගල දක්වා ගමන් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදි තවත් අයිස් කිලෝ දෙකක් සොයා ගනු ලැබුවා.

මෙම පිරිස අතර ඉන්දියාවේ සිට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ඒමට හා එම කටයුතු මෙහෙය වූ බව කියන ඉන්දීය ජාතිකයා සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන ජාවාරම්කරුවා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?