අයිස් සමග අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඇතුළු සැකකරුවන් 7දෙනා දින 5ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයයි අද කල්පිටිය පොලිසියට මෙම අවසරය ලබාදුන්නේ.

මෙලෙස රඳවාගෙන ප්‍රශ්ණ කිරීම සඳහා නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ 300 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග අත් අඩංගුවට ගත් ඉන්දියානු සැකකරු සමග ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් ඇතුළු 7 දෙනෙක්.

කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත කල්පිටිය නගරයේ සිට අක්කරේපත්තුව වෙත ගමන් කිරීමට සුදානම්ව තිබූ ලංගම බස් රථයක සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සොයා ගෙන තිබුණා.

ඔහුගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී වෑන් රථයකින් කුරුණෑගල දක්වා ගමන් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදි තවත් අයිස් කිලෝ දෙකක් සොයා ගනු ලැබුවා.

මෙම පිරිස අතර ඉන්දියාවේ සිට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ඒමට හා එම කටයුතු මෙහෙය වූ බව කියන ඉන්දීය ජාතිකයා සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන ජාවාරම්කරුවා ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21