මුතූර් පොලිස් වසමට අයත් නෙයිතාල්නගර් ප්‍රදේශයේ නිවසක දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඊයේ (25) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක්, ජංගම දුරකථන තුනක් සහ බැංකු පොතක් දා තිබී සොයා ගත බවයි පොලිසිය පවසන්නේ.
දිස්ත්‍රික් පොලිස් විමර්ශන අංශයට ලැබුණු රහසිගත තොරතුරු මත මුතූර් මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මුතූර් පොලිස් ස්ථානයේ රඳවා ඇති අතර ඔහුව මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1
2





