ආසියානු කලාපයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගංවතුර සහ නායයෑම්වලින් දරුණුතම බලපෑමට ලක් වූ ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල්වල ආපදා නිසාවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1,750 කට වඩා ඉහළ අගයක පවතින විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඉන්දුනීසියාවේ අවම වශයෙන් පුද්ගලයින් 908 දෙනෙක් මේ වන විට මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර තවත් 410 දෙනෙක් තවමත් අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ජිවිත 611ක් තහවුරු කර ඇති අතර, තවත් 213 දෙනෙක් අතුරුදහන් වී ඇති බව මෙරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වුණා.
එමෙන්ම ගංවතුර හේතුවෙන් තායිලන්තයේ අවම වශයෙන් මරණ 276ක් ද සිදුව ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ආසියානු කලාපයේ තවත් රටවල් කිහිපයක් අයහපත් කාලගුණය නිසා මරණ සුළු වශයෙන් සිදුව ඇතිබව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.












