අයහපත් කාලගුණයෙන් බ්‍රසීලයේ 71ක් මරුට

බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් තිබේ.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බ්‍රසීලයේ නගර රැසක නායයෑම් සහ ජලගැලීම් තත්ත්වයන් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රියෝද ජෙනයිරෝ නගරයට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයේ නායයෑම් රැසක් සිදුව තිබේ.

මෙම තත්ත්වයත් සමඟ රියෝද ජෙනයිරෝ නගරය තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

රුසියාවේ නිල සංචාරයක නිරතවී සිටින බ්‍රසීල ජනාධිපති ජායීර් බෝල්සෝනාරෝ විපතට පත්වුවන්ට කඩිනමින් සහන ලබාදෙන ලෙස උපදෙස් ලබාදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?