Empty Ad
AFC Banner
Empty Ad

අමෙරිකාව ලංකාවේ ආරක්ෂාවට දෙන සහාය මෙරට රජයෙන් අගයයි

කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් අන්තෝනි සී. නෙල්සන් (Anthony C. Nelson) ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (29) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය
(විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා හමුවුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ සිය කාර්යාලයට පැමිණි අමෙරිකානු දූත පිරිස නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ පැවතී සාකච්ජාවේ දී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල හැකියාවන් ඉහළ නැංවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද රජය මගින් ලබාදෙන සහයෝගය අගය කරන බවයි.

ඒ වෙනුවෙන් රජය වෙනුවෙන් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සිය කෘතඥතාවය ද පළ කළා.

මෙහිදී දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව මෙන්ම, දිගුකාලීන සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තුළින් ඇති වී තිබෙන ශක්තිමත් සහ කල්පවත්නා බැඳීම් පිළිබඳව ද දෙපාර්ශ්වයේ නිලධාරීන් අදහස් හුවමාරු කර ගත්තා.

මෙම හමුව ඔස්සේ ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සහ වටිනා සහ සම්බන්ධතාව යළිත් තහවුරු කිරීමක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴සඳුදා වෙද්දී රටේ කොහෙවත් ඉන්ධන නැතිවෙයි
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
00:00
Video thumbnail
විනාඩි 09යි - පාර්ලිමේන්තුවේ ලොකු ගෝරියක් - චමින්ද විජේසිරි සභානායකටත් කතානායකටත් අමුවෙන් දෙසයි
09:58
Video thumbnail
කොලොන්නාවේ ඉන්ධන බෙදා හැරීමේ කිසි අවුලක් නෑ
01:20
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ සජබ පා.ම නීතිඥ චිත්‍රලාල් ප්‍රනාන්දු සහභාගිවන කස්තිරම සජීවීව
01:21:20
Video thumbnail
අපි රැවටුනා - ඉන්ධන පෝලිමේ ඉන්න මිනිස්සු ආණුඩවට හොඳටම අමතයි
03:38
Video thumbnail
වත්තලින් උස්සපු ලොරියට පොලිසියෙන් පන්නගෙන ගිහින් වෙ# තිබ්බ හැටි
05:31
Video thumbnail
කසියා ලෝලීන් නන්නත්තාර කළ පොලිස් මෙහෙයුම
01:43
Video thumbnail
අනුර අයවැය කතාවේදී කිව්වේ නැති අයවැයේ බදු ගැන කරන විශාල හෙළිදරව්වක් මෙන්න
11:29
Video thumbnail
අනුර මහත්තයා කිව්ව වගේ මුකුත් නෑනේ
00:20

?