අමෙරිකාව ලංකාවේ ආරක්ෂාවට දෙන සහාය මෙරට රජයෙන් අගයයි

කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් අන්තෝනි සී. නෙල්සන් (Anthony C. Nelson) ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (29) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය
(විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා හමුවුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ සිය කාර්යාලයට පැමිණි අමෙරිකානු දූත පිරිස නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ පැවතී සාකච්ජාවේ දී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවල හැකියාවන් ඉහළ නැංවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද රජය මගින් ලබාදෙන සහයෝගය අගය කරන බවයි.

ඒ වෙනුවෙන් රජය වෙනුවෙන් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සිය කෘතඥතාවය ද පළ කළා.

මෙහිදී දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව මෙන්ම, දිගුකාලීන සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තුළින් ඇති වී තිබෙන ශක්තිමත් සහ කල්පවත්නා බැඳීම් පිළිබඳව ද දෙපාර්ශ්වයේ නිලධාරීන් අදහස් හුවමාරු කර ගත්තා.

මෙම හමුව ඔස්සේ ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සහ වටිනා සහ සම්බන්ධතාව යළිත් තහවුරු කිරීමක් ද සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56