අමාත්‍ය මණ්ඩලය රැස්වීම අද

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (14) දිනයේ පැවැත්වීමට නියමිතය.

අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අද දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසුව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවය.

මේ අතර භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අද දිනයේ දි අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?