පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පැවති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ දී කරුණු පැහැදිලි කළා. “ගම සමඟ පිළිසඳර” 14 වන අදියර පැවැත්වුණේ ගාල්ල, හික්කඩුව, ගලගොඩ ජනපද කනිටු විද්‍යාලයේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,
“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තිබුණා මේක පිටුපස්සේ ඉන්නේ මමත්, බැසිල් රාජපක්ෂ හා නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන් කියලා.
මම CID එකට කිව්වා මේ තොරතුරු ඔයගොල්ලෝ අරගන්න. තොරතුරු වසන් කිරීම සාපරාධී ක්‍රියාවක්. ඒ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා ‘මම දන්නේ නෑ, මට අමතක වුණා, එහෙම තොරතුරක් දන්නේ නෑ’ කියනවා.
මේක දේශපාලනය ගාව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. විපක්ෂයක් හැටියට චෝදනා නගන්න පුළුවන් රජයට. නමුත් ඒවා සත්‍ය තොරතුරු වෙන්න ඕනේ. “